තුර්කියේ දුම්රියක් පීලිපනී

තුර්කියේ මගී දුම්රියක් පීලි පැනීමෙන් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 70 කි.
දුම්රිය තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට බල්ගේරියා දේශසීමාව අසල පිහිටි කපිකුලේ නගරය බලා ධාවනය වෙමින් පැවැතිණි.
පීලි පැනීමට ලක් වෙද්දී දුම්රියේ මගීන් 360 ක් සිටි බව ද වාර්තා වේ. පීලි පැනීමට ලක් වීමෙන් දුම්රිය මැදිරි 6 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී ගිය බව ද පැවැසෙයි.
(බී.බී.සී.)

