තායි රජුගේ මෞලිමංගල්‍යය ඇරැඹේ



තායිලන්තයේ මහා වජිරලෝන්කෝන් රජුගේ කිරුළු පැළැඳීම හෙවත් මෞලිමංගල්‍යය රජ පෙළපතේ සම්ප්‍රදායට අනුව, බෞද්ධ සහ බ්‍රාහ්මීය චාරිත්‍රවලට අනුව, තෙදිනක් පුරා පැවැත්වෙයි.

තායිලන්තයේ සම්ප්‍රදායට අනුව මෞලි මංගල්‍යය පැවැත්වෙද්දී, රජතුමා ජීවමාන දෙවියකුගේ තත්ත්වයට පත් කෙරෙන බව පැවැසෙයි.

මහා වජිරලෝන්කෝන් මීට දින කීපයකට පෙර විවාහ වූ බව ද පැවැසිණි. ඒ සිවුවැනි වරටය. රජු සිය බිසව කරගත්තේ ඔහුගේ දීර්ඝ කාලීන පෙම්වතියක වූත්, නියෝජ්‍ය ආරක්ෂක අංශ නිලධාරීනියයි. හමුදා ජනරාල්වරියක ලෙස උසස්වීමක් ද ලබා ඇති ඇය සුතිදා රැජින යන නිලනාමයෙන් හැඳින්වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS