තායි දරුවන්ගේ තාවකාලික පැවිදි දිවිය අවසන්



තායිලන්ත ලෙන තුළ සිරවී දිවි ගලවා ගැනීමෙන් පසු, සති දෙකක කාලයක් පැවිදි වී සිටි පාසල් පා පන්දු කණ්ඩායමේ දරුවෝ 11 දෙනා ඔවුන්ගේ තාවකාලික පැවිදි දිවියට සමු දුන්හ.

දරුවන් පිරිස මෙසේ තාවකාලික පැවිදි දිවියට යොමු වුණේ තායි බෞද්ධ සම්ප්‍රදායට අනුවය. පිරිස පසුගිය සති දෙකක කාලය පුරාවට මේ සායි බෞද්ධ පන්සලේ පැවිදි දිවියක් ගත කළේය. ලෙන තුළ සිරවී සිටියේ පාපන්දු කණ්ඩායමේ දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුය.

දරුවන් 12 දෙනාගෙන් පැවිදි වූයේ 11 දෙනකු පමණි. එක් දරුවකු කතෝලිකයෙකි. පාසල් පාපන්දු කණ්ඩායමේ 25 හැවිරිදි පුහුණුකරු මියන්මාර සම්භවයක් ඇති අයෙකු වන අතර, ඔහු කලින් තාවකාලික පැවිද්දක් ලබා සිටි අයෙකි. ඔහු ස්ථිර ලෙස පැවිදි දිවියට පිවිසුනේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS