තායිවාන ගුවන් හමුදාපති අතුරුදන්

තායිවාන ගුවන් හමුදාපතිවරයා මෙන්ම එරට හමුදා මාණ්ඩලික ප්රධානියා ද වන ජනරාල් ෂෙන් යී මිංග් හෙලිකොප්ටර් යානයකින් අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
හෙලිකොප්ටරය අනතුරට ලක් වෙද්දී කෙසේ හෝ එය පාලනය කර ගනිමින් හදිසි ගොඩබෑමක් කිරීමට නියමුවෝ සමත් වූහ. යානයේ ජනරාල් ෂෙන් යී මිංග් ද ඇතුළු තවත් හමුදා නිලධාරීන් 13 දෙනකු සිට ඇත.
අනතුර සිදුවුණු ස්ථානයට ළං වූ දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට එම 13 දෙනාගෙන් 10 දෙනකු සොයා ගැනීමට හැකිවුණු බවත් ජනරාල් ෂෙන් යී මිංග් ඇතුළු තවත් නිලධාරීන් දෙදෙනෙකු අතුරුදන් බවත් පැවැසිණි. අතුරුදන් වූ ජනරාල් ෂෙන් යී මිංග් සොයා මෙහෙයුම් දිගයම පැවැත්වෙන බව තායිවාන හමුදාව පවසා ඇත.
තායිපේහිදීය (ඒ.එෆ්.පී.)

