තායිලන්ත සොල්දාදුවා මරා දැමේ

දකින දකින අයට වෙඩි තබමින්, තායිලන්ත සුපිරි වෙළෙඳ සංකීර්ණයකට කඩා වැදී, එහි සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත් තායිලන්ත සොල්දාදුවා මරා දැමීමට ආරක්ෂක අංශ සාමාජිකයෝ මීට පැය කීපයකට පෙර සමත් වූහ.
32 හැවිරිදි ජක්රපාන්ත් තොම්මා නමැති එම සොල්දාදුවා, ‘ටර්මිනල් 21’ නමැති වෙළෙඳ සංකීර්ණයට කඩා වැදුණේ ඊයේ (8) සවසය. ඔහු කළ වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි. 32 ක් තුවාල ලැබූහ.
ආයුධ සන්නද්ධව සිටි ජක්රපාන්ත් තොම්මා වටකර ගැනීමේ මෙහෙයුමට තායිලන්ත පොලිසියත් හමුදාවත් එක් වී සිටියේය. ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට නොහැකි වූ බැවින්, ප්‍රාණ ඇපයේ සිටි පිරිස් බේරා ගැනීමට තොම්මා මරා දැමීමට සිදුවුණු බව තායිලන්ත පොලිසිය පවසා තිබේ.
(අල් ජසීරා)

