තානාපති කාර්යාලය ඉදිරිපිට පිපිරීමක්

චීනයේ බීජීං අගනුවර ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට කුඩා පිපිරීමක් සිදුවිය.
එය බෝම්බ පිපිරීමක් නොවූ අතර, පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් විය. ඇමෙරිකාවට විරෝධය දක්වමින් කාන්තාවක එම පෙට්‍රල් බෝම්බය ආධාරයෙන් සිරුරට ගිනි තබා ගැනීමට උත්සාහ කර ඇත.
කෙසේ නමුත් එය අසාර්ථක වූ බවත් බෝම්බය පුපුරා ගිය බවත් වාර්තාවේ. කිසිවකුටවත් එයින් අනතුරක් සිදු නොවුනු අතර, කාන්තාව අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.
(රොයිටර්)

