ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වාගන්න උදවු කරලා



අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත ප්‍රහාරයක් වළක්වා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දුරකතන ඇමතුමක් දී ස්තුති කළේය.

නව අවුරුදු උදාවත් සමඟ රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර ඉලක්ක කර ගනිමින්, එම අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරය එල්ල කිරීමට සැලැසුම් කර තිබුණු බවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට ගනිමින්, ප්‍රහාරය සිදු කිරීමට සැලැසුම් කළ පිරිස අල්ලා ගැනීමට හැකිවුණු බවත් රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත.

දුරකතන කතාබහ අතරතුරේ සිරියානු අර්බුදය, උතුරු කොරියාව සම්බන්ධයෙන් හටගත් අර්බුදය, ඉරාන අර්බුදය පමණක් නොව, වාණිජ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්විණි. සිරියානු අර්බුදයේදී ඇමෙරිකාවේත් රුසියාවේත් පොදු සතුරා අයි.එස්. ත්‍රස්තයන්ය.

2016 වසරේ ඇමෙරිකා ජනාධිපති ධුරයට ට්‍රම්ප් පත්වුණු අවස්ථාවේ පටන්, ට්‍රම්ප් සහ පුටින් අතරේ යහපත් සබඳතා පවතී. අවස්ථා කීපයකදී ට්‍රම්ප් සහ පුටින් එකිනෙකා හමුවී සාකච්ඡා පැවැත්වූහ. ඒ, විදෙස් සමුළුවලට සහභාගී වූ අවස්ථාවලදීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එල්ල වූ දෝශාභියෝගය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් වෙනුවෙන් හඬ නැගූ රාජ්‍ය නායකයකු වන්නේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ය. ඇමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප්ට එරෙහිව, එම දෝෂාභියෝගයට අදාල චෝදනා පදනම් විරහිත යැයි රුසියන් ජනාධිපති පුටින් පවසා ඇත.

වතිකානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS