තහනම් ලැයිස්තුවෙන් ඉරාකය ඉවත් කරයි



ඉරාකයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් වෙනුවෙන් පනවා තිබූ තහංචිය ඉවත් කරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ට්‍රම්ප් මේ බව කියා සිටියේ කොංග්‍රස් මණ්ඩලය ඇමැතූ අවස්ථාවේදීය. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ට්‍රම්ප් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය හමුවේ කතා කළ පළමු අවස්ථාව මෙය විය.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පෙන්වා දෙමින් ජනපති ට්‍රම්ප් මුස්ලිම් රටවල් හයක වැසියන්ට ඇමෙරිකාවට පැමිණීම තාවකාලිකව වළක්වමින් තහංචි පැනැවීය.

එම මුස්ලිම් රටවල් හයට ඉරාකය, ඉරානය, සිරියාව, ලිබියාව, සුඩානය, යේමනය ඇතුළත් වී තිබුණි. ට්‍රම්ප් විධායක නියෝගයක් හරහා ලබා දුන් මෙම තහංචියට ඇමෙරිකන් අධිකරණය හරස් විය. ඒ අනුව, සංශෝධන සහිතව එම විධායක නියෝගය පසුව යළි නිකුත් කරනවා යැයි ට්‍රම්ප් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS