තහංචි ලිහිල් කරන හැටි කියයි



‘කොවිඞ් 19’ වයිරසය ව්‍යාප්තවීම වලක්වමින්, මහා බි‍්‍රතාන්‍යයට පැනැවූ ලොක්ඩවුන් තහංචි ලිහිල් කර ජන ජීවිතය යළි යථා තත්ත්වයට පත්වන්නේ කෙසේදැයි යන්න සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඊයේ (10) ජාතිය අමතමින් පැහැදිලි කළේය.

අදියරෙන් අදියර ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීම සිදුවන්නේ රටේ ආර්ථිකය යළි පණ ගැන්වීමේ ප‍්‍රධාන අරමුණ ඇතිව බවත් ජනතාව සමාජ දුරස්ථභාවය රැුකගනිමින් කි‍්‍රයා කළ යුතු බවත් අග‍්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

තහංචි ලිහිල් කිරීමෙන් පසු රැුකියා සඳහා පිටත්වීම කරන ලෙසත් විනෝද ගමන් හෝ තමන්ගේ වැඩිහිටි මාපියන් බැලීමට යෑමෙන් වළකින ලෙසත්, කාර්යාල ප‍්‍රධානියා හමුවී රැකියාව කිරීම පමණක් කරන ලෙසත් අග‍්‍රාමාත්‍ය ජොන්සන් උපදෙස් දී ඇත.

අත්‍යාවශ්‍ය වෙළෙඳසැල් පළමු අදියරේ විවෘත කරන බවත්, අත්‍යාවශ්‍ය සේවා ආරම්භ කරන බවත්, දෙවැනි අදියර යටතේ සෙසු වෙළෙසැල් ආරම්භ වනු ඇති බවත් අග‍්‍රාමාත්‍ය ජොන්සන් පැහැදිලි කළේය. පාසල් ජූනි මාසයේ සිට ආරම්භ කිරීමට සූදානමින් සිටින බව ද අග‍්‍රාමාත්‍ය ජොන්සන් වැඩිදුරටත් පැවැසීය.

මහා බි‍්‍රතාන්‍යය මේ අයුරින් ලොක්ඩවුන් තහංචි ලිහිල් කිරීම සිදු කරන්නේ එරටින් ‘කොවිඞ් 19’ මරණ 31,800 පසු කරද්දීය. ලොව දෙවැනියට වැඩිම ‘කොවිඞ් 19’ මරණ වාර්තා වන්නේ මහා බි‍්‍රතාන්‍යයෙනි. පළමු තැන ගෙන ඇත්තේ ඇමෙරිකාවය. මහා බි‍්‍රතාන්‍යය යනු එංගලන්තය, වේල්සය, උතුරු අයර්ලන්තයයි සහ අයර්ලන්තයයි. එයින් වැඩිම කොවිඞ් ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ එංගලන්තයෙනි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS