තවත් සාර්ථක කොරෝනා මර්දන එන්නතක්
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම සියයට 90 කින් මැඩපවත්වන ආකාරයේ එන්නතක් නිපදවීමට ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ නිෂ්පාදන සමාගම් සමත් වී සිටී.
ජර්මනිය, ඇමෙරිකාව, තුර්කිය, දකුණු අප්රිකාව ආදී රටවල 43,500 ක පිරිසක් සම්බන්ධ කර ගනිමින් එන්නත සම්බන්ධයෙන්, තෙවැනි අදියරේ සායනික පර්යේෂණ සිදු කර තිබේ.
එන්නත මාත්රා දෙකකින් සමන්විත වන අතර සති තුනක පරාසයක් යටතේ ඒවා ලබා දීම සිදු කෙරේ. අවසන් මාත්රාව ලබා දෙන්නේ දින 7 කට පසුවය. ඉන්පසු ‘කොවිඩ් 19’ වයිරසයෙන් පූර්ණ ආරක්ෂාවක් ලැබේ.
(රොයිටර්)

