තවත් කොරෝනා රෝගියෙක් කේරළයෙන්



ඉන්දියාවෙන් දෙවැනි කොරෝන ආසාදිත රෝගියා වාර්තා විය. මෙම රෝගියා හමුවී ඇත්තේ ද කේරළයෙනි.
ඉන්දියාවෙන් පළමු කොරෝනා ආසාදිතයා හමුවූයේ ද කේරළ ප්‍රාන්තයෙනි. ඒ, මීට දින 4 කට පෙරය. නව කොරෝනා ආසාදිතයා නිරෝධායනය කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කරන බව ඉන්දීය සෞඛය බලධාරීහු පෙන්වා දෙති.

පළමු රෝගියා මෙන්ම මෙම දෙවැනි රෝගියා ද චීනයේ සිට පැමිණ ඇතැයි වාර්තා වේ. මොහු චීනයේ සිට පැමිණ ඇත්තේ පසුගිය ජනවාරි 24 වැනිදාය.

මේ අතර ඉන්දියාව ද චීනයේ වූහාන් නුවර සිටි ඉන්දියානුවන් 323 දෙනකු ගුවන් මගින් යළි ඉන්දියාවට රැගෙන විත් තිබේ. එම ඉන්දියානුවන් සමඟ වූහාන් සිටි මැලේසියානු ජාතිකයන් හත් දෙනකු ද ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණි බව වාර්තා වේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS