තලේබාන් සාකච්ඡා සාර්ථකයි

වසර 17 ක් තිස්සේ ඔඩුදුවන ඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින් තලේබාන් සාමාජිකයන් සහ ඇමෙරිකන් රජයේ නියෝජිතයන් අතර අබුඩාබිහි පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව වාර්තා වේ.
සාකච්ඡා ආරම්භ වූයේ මීට දින 3 කට පෙරය. සාකච්ඡා ආරම්භ වූයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මැදිහත් වීමෙනි. සාකච්ඡා සඳහා විශේෂ නියෝජිතයන් ලෙස සෞදි සහ පාකිස්තාන නියෝජිතයන් ද සහභාගී වන බව පැවැසෙයි.
කටාර් රාජ්‍යයේ තලේබාන් නියෝජිත කාර්යාලයක් පිහිටුවා ඇති අතර සාකච්ඡා සඳහා තලේබාන් නියෝජිතයන් ඉදිරිපත් වන්නේ ඒ හරහාය. සාම කාර්යාලය පිහිටුවා ඇත්තේ දිනෙන් දින ඔඩුදුවනඇෆ්ගන් අර්බුදයට විසඳුමක් සෙවීමේ අරමුණින්ය.
ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී ප්රමුඛ රජය තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවැත්වීමට උත්සාහ ගත් නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇත. අබුඩාබි සාකච්ඡා සඳහා ද ඇෆ්ගන් රජයේ නියෝජිතයන් සහභාගී වන්නේ නැත. ඇමෙරිකා සහ තලේබාන් නියෝජිතයන් අතර මෙසේ සාකච්ඡා ආරම්භ වූයේ ඇමෙරිකා සහ පාකිස්තාන නියෝජිතයන් අතර ඉකුත් 16 වැනිදා පැවැත් වූ සාකච්ඡාවලින් පසුවය.
(රොයිටර්ස්)

