තලපති දිවුරුම් දෙන්න සැරැසෙයි



තමිල්නාඩු මැතිවරණයෙන් වැඩිම ආසන දිනූ රංගන ශිල්පී තලපති විජේ තමිල්නාඩුවේ නව මහ ඇමති ලෙස ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ඉදිරියේ දිවුරුම් දීමට සූදානමින් සිටින බව ඉන්දීය මාධ්‍ය පවසයි.

විජේ නායකත්වය දෙන්නේ ‘තමිල්ග වෙට්රි කසාගම්’ පක්ෂයටය. 2024 දී පිහිටුවූ මෙම නව දේශපාලන පක්ෂය තෙවැනි බලවේගය ලෙස තමිල්නාඩු දේශපාලනයට පිවිසි අතර, තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 110 ක් දිනා ගත්තේය.

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයෙන් වැඩිම ආසන දිනා ගනිමින් විශිෂ්ට ජයක් වාර්තා කළත්, වෙට්ට්‍රි කසාගම් පක්ෂයට බහුතර බලයක් හිමි වූයේ නැත. බහුතරය සඳහා ආසන 118 ක් දිනාගත යුතුය. ඒ අනුව, විජේ සහ ඔහුගේ පක්ෂයට ආසන 8 ක අඩුවක් පවතී.

රජයක් පිහිටුවීමට විජේ, තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ සහාය ඉල්ලා ඇති අතර, කොංග්‍රස් පක්ෂය ඊට කැමැත්ත පළ කළේය තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ නායක කේ.සී. වේණුගෝපාල් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සහ විජේ අතරේ හමුවක් පැවැත්විණි.

දශක පහකට ආසන්න කාලයක් තමිල්නාඩු දේශපාලනය මෙහෙයවූ හිටපු තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාර්ලින්ගේ නායකත්වයෙන් යුතු ඩී.ඒම්.කේ. පක්ෂයට මෙවර හිමිවූයේ ආසන සංඛ්‍යාන 59ක් පමණි.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතව සිටින ඒ.අයි.ඒ.ඩී.ඒම්.කේ. පක්ෂයට ආසන 47 ක් හිමි විය. විජේගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් කළේ මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වීමට පෙරය.

සුපිරි කොලිවුඩ් නළු රජිනිකාන්ත් ඇතුළු දෙමිළ සිනමාවේ ජනප්‍රිය නළු නිළියෝ රැසක් ද ආක්ෂේ කුමාර් වැනි බොලිවුඩ් නළු නිළියෝ ද  ලැබූ ජය සම්බන්ධයෙන් විජේට සුබ පතා ඇත.


RECOMMEND POSTS