තම කුසින් උපන් දරුවා විකිණිමට උත්සහ කල මව අත්අඩංගුවට

තම කුසින් උපන් දරුවාව එමිරේටි ඩිනාර් 10,000කට විකිණිමට උත්සහ කල ඉන්දුනිසියානු කාන්තාවක් සජා නුවරදී පොලීස් විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවරා ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් ඉන්දුනිසියානු කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ පොලිස් කණ්ඩායම උපාය දුතයන් යොදවා දරුවා මිලදී ගැනීමට මෙම කාන්තාවන් සමග අදහස් හුවමාරු කරගෙන ඇත.
පසුව මෙම කාන්තාවන් විසින් දරුවාව මෙම උපාය දුතයින්ට විකිණිමට පොරොන්දුවී ඇත.
එසේ මිලට ගැනීමට ගිය අවස්ථාවේදි පොලිස් විශේෂ එකකයේ නිළධාරීන් විසින් මෙම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත.
සජා අධිකරණය මගින් මෙම නඩුව විභාග කරන අතර ඒ සදහා මෙම ඉන්දුනිසියානු කාන්තාවන්ගෙන් දෙදෙනෙකු අධිකරණයට කැදවා ඔවුන්ගෙන් ප්රශ්න කරනු ලබයි.
මව අත්අඩංගුවට ගැනීම සදහා සහභාගිවූ නිළධාරියකුද මෙම නඩු විභාගයට කැදවා සිද්ධිය සම්බන්ධයෙන් ප්රශ්න කරන ලදී.
පසුව නඩුව විභාග කල මහේස්ත්රාත් විසින් මෙම නඩුව ජනවාරි 09දක්වා කල්තබන ලද අතර එදිනට මෙම කාන්තාවන්ට අධිකරණය හමුවේ පෙකී සිටින ලෙස නියෝග කරන ලදී.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්රියදර්ශන ජයතිලක

