ඩොරියන් සුළි සුළඟින් බහාමාස් දූපත වැනසිලා

‘ඩොරියන්’ සුළි කුණාටුවෙන්, අත්ලාන්තික් සාගරයේ පිහිටි බහාමාස් දූපත මුළුමනින්ම වැනසී ගොස් ඇතැයි චන්ද්‍රිකා ඡායාරූපවලට පවා පැහැදිලිව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බහාමාස් අගමැති හියුබේ මිනින්ස් ද මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ‘ඩොරියන්’ සුළු කුණාටුවෙන් මහා විනාශයක් සිදුවුණු බවය.
බහාමාස් සංචාරක ආකර්ෂණයකි. දූපතේ නිවාස, හෝටල් ආදී සියල්ල සුළි කුණාටුවෙන් විනාශ වී ගොස් ඇතැයි ද පැවැසෙයි.
ජල ගැලීම් හේතුවෙන් මාර්ග රැසක් යටවී ඇති බවත්, විදුලි බල සැපැයුම් අඩපණ වී ඇති බවත් අගමැතිවරයා පැවැසීය.
නාසෝහිදීය (ඒ.එෆ්.පී.)

