ඩොමිනිකන් ජනරජයේ ජාතික පුවත්පතකට වැරදිලා

කැරිබියානු දූපත් රාජ්‍යයක් වන ඩොමිනිකන් ජනරජයේ ‘එල් නැසියුනාල්’ නමැති ජාතික පුවත්පත ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධ පුවතක් පළ කරමින්, ට්‍රම්ප් යැයි සිතා ට්‍රම්ප් වෙනුවට ට්‍රම්ප් අනුකරණය කරන හොලිවුඞ් නළු ඇලෙක් බෝල්ඞ්වින්ගේ ඡායාරූපයක් පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පසුගියදා වාර්තා කළේය.
සිදුවුණු එම අත්වැරදීම වෙනුවෙන් පුවත්පත සමාව ඉල්ලීමක් ද සිදු කළ බව විදෙස් පුවත් සේවා වැඩි දුරටත් වාර්තා කර තිබේ.
ට්‍රම්ප් ලෙස වෙස් ගැන්වූ ඇලෙක් බෝල්ඞ්වින් පසුගිය ඇමෙරිකන් මැතිවරණ සමය පුරාවට ‘සැටර්ඬේ නයිට් ලයිව්’ නමැති ඇමෙරිකන් ප්‍රහසන වැඩසටහනේ පෙනී සිටියේය. එම ප්‍රහසන වැඩසටහන ඔස්සේ ඇලෙක් බෝල්ඞ්වින්, ට්‍රම්ප් ලෙස කතා කරමින්, ට්‍රම්ප් අනුකරණය කළේය. එපමණක් නොව, ට්‍රම්ප් හෑල්ලුවට සහ උපහාසයට ලක් කළේය.
‘එල් නැසියුනාල්’ පුවත්පත ට්‍රම්ප් යැයි සිතා වැරදීමකින් ඇලෙන් බෝල්ඞ්වින් ට්‍රම්ප් සේ රංගනයේ යෙදන ඡායාරූපයක් පළ කළේ ඊශ්‍රායලය හා සම්බන්ධ පුවතක් සඳහාය. එහි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ ද ඡායාරූපයක් විය. ඡායාරූපවලට යටින් ඡායාරූප දෙක සඳහා සටහන් ද යොදා තිබුණු අතර ඒවායේ සඳහන් වී තිබුණේ ඇමෙරිකන් ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු කියාය.
(රොයිටර්)

