ඩොනල්ඞ් ට්රම්ප් පළමු විදෙස් සංචාරයට සූදානම්

ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසු, පළමු විදෙස් සංචාරය ආරම්භ කිරීමට ඩොනල්ඞ් ට්රම්ප් සූදානම් වෙයි.
පළමු විදෙස් සංචාරයේ දී ජනපති ට්රම්ප් ඊශ්රායලය, සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවලත් ඉන්පසු වතිකානයටත් යෑමට බලාපොරොත්තු වන බව ධවල මන්දිරය කියයි.
මෙම මැයි මස අගදී විදෙස් සංචාරය ආරම්භ කරන බවත් නේටෝ සමුළුවට බ්රසල්ස් නුවරටත්, ජී7 සමුළුවට සිසිලියටත් යෑමට ජනපති ට්රම්ප් සූදානම් වෙයි.
තිළිණි ද සිල්වා
(රොයිටර්)

