ඩෙක්සෝමෙතසෝන් නිර්දේශ කරයි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත. ‘ඩෙක්සෝමෙතසෝන්’ යනු අඩු මිල අඩු මාත්‍රාවකින් යුත් ස්ටෙරොයිඩයකි. වෛද්‍ය නිර්දේශ අනුව මෙය ෆාමසි එසේත් නැතිනම් ඔසුසැල්වලින් ලබා ගත හැකිය.
වෛද්‍යවරුන් ‘ඩෙක්සෝමෙතසෝන්’ නිර්දේශ කරන්නේ ඇදුම, පෙනහළු ආසාදන ඇතුළු රෝගී තත්ත්වයන් රැසක් සඳහාය. අක්ධි සැත්කම්වලින් පසුව ද ‘ඩෙක්සෝමෙතසෝන්’ නිර්දේශ කෙරේ.
‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධය කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරසය පරාජය කිරීමට හැකි බව ලොවට අනාවරණය කළේ මහා බි්රතාන්යයේ වෛද්‍යවරුන්ය. ඒ ‘කොවිඞ් 19’ ආසාදිතයන් 5,000 ක් තෝරා ගනිමින් ඔවුන්ට ‘ඩෙක්සෝමෙතසෝන්’ ලබා දීමෙනි. මරණ මංචකයේ පසුවන රෝගීන් බොහොමයකගේ ජීවත බේරා දීමට ‘ඩෙක්සෝමෙතසෝන්’ සමත් විය.
‘ඩෙක්සෝමෙතසෝන්’ කිසිදු අතුරු ආබාධ තත්ත්වයක් ඇති නොකරන බවත්, දින කීපයක් ඇතුළත ‘කොවිඞ් 19‘ වයිරසය වනාශ කරන බවත් බි්රතාන්ය වෛද්‍යවරු පෙන්වා දුන්හ. ‘ඩෙක්සෝමෙතසෝන්’ යොදා ගෙන කළ අත්හදා බැලීම් සම්බන්ධ වාර්තා සියල්ල මීට සතියකට පෙර, බි්රතාන්ය වෛද්‍යවරුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් ‘ඩෙක්සෝමෙතසෝන්’ සම්බන්ධයෙන් සොයා බැලූ අතර,
‘කොවිඞ් 19’ ආසාදිතයන්ට එය ලබා දීමට සුදුසු බව නිර්දේශ කෙරුණේ ඉන්පසුවය. ඒ අනුව, ‘ඩෙක්සෝමෙතසෝන්’ ඖෂධ කඩිනමින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම්වලට උපදෙස් දී තිබේ.
මේ වනවිට ලොව පුරා වාර්තා වන ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන මිලියන 9 පසු කර තිබේ. එසේ වාර්තා වන ආසාදිතයන්ගෙන් හරි අඩක් වාර්තා වන්නේ ඇමෙරිකා ලතින් ඇමෙරිකා ඇතුළු යුරෝපා රටවලිනි. ‘කොවිඞ් 19’ වයිරසය මර්දනය කළ හැකි හෝ ආසාදනය වළැක්විය හැකි හෝ එන්නතක් මෙතෙක් නිපදවා නැත. එන්නත් නිපදවීමේ කටයුතු ලහිලහියේ සිදුවෙයි. එන්නතක් නිපදවීමට හැකිවනු ඇත්තේ ලබන වසරේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.
ජිනීවාහිදීය (රොයිටර්)

