ඩුබායි වාහන තදබදය තවත් අඩු වේ.

ඩුබායි (යූ.ඒ.ඊ)
ඩුබායි නගරයේ ෂෙයික් මොහමඩ් බින් සායෙඩ් මාවතේ තවත් මංතීරු තුනක් රථ වාහන ධාවනය සඳහා විවෘත කර ඇති බව මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය නිවේදනය කළේය. එයින් අදහස් වන්නේ අබු ඩාබි දිසාවට දිවෙන අල් යලායිස් මාවතේ සිට ජෙබෙල් අලි ලෙහ්බාබ් වටරවුම දක්වා මංතීරු හයක් දැන් රථ වාහන ධාවනය සඳහා විවෘතව ඇති බවයි.
මෙම කොටස සම්පූර්ණ කිරිමත් සමග රථවාහන තදබදය විශාල වශයෙන් අඩුවන බවත් විශේෂයෙන් අල් හූද් වට රවුම ප්‍රෙද්ශයේ සිට අබු ඩාබි දක්වා ධාවනය කරන වාහනවලට එය බලපාන බවත් මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක නබීල් මොහමඩ් සලීබ් පැවසීය.
ඔහු පවසන පරිදි මෙය අල් යලායිස් හුවමාරු ව්‍යපෘතියේ පළමුවැනි අදියර සම්පූර්ණ කිරිමයි. අදියර හතරකින් සමන්විත මෙම ව්‍යාපෘතිය 2016 නොවැමිබර් මස වන විට සම්පූර්ණ කළ යුතුව ඇත.

