ඩුබායි ගුවන්තොටේ නව ගමන් මලු නීති

අලුතින් පැනවීමට යන ගමන් මලු නීතිය, ඩුබායි ගුවන් තොටුපොළ තුල තදින් ක්රියාත්මක කිරීම සදහා ගුවන්තොටුපොළ බළධාරීන් පියවර ගනිමින් සිටිති.
නව නීතිය 2017 මාර්තු 8දා සිට ක්රියාත්මක වන අතර එම නීතියට අනුව සියළුම ගමන්මලු පැතලි ආකාරයෙන් තිබිය යුතුය.
අධික ලෙස බඩු පිරවු සහ අවිධිමත් හැඩවලින් යුත් ගමන්මලු සදහා අවසර හිමි නොවේ.
ආරක්ෂිත පද්ධතිය හරහා ගමන්මලු නිසිලෙස පරීක්ෂා කිරීම සදහා ගමන්මලු පැතිලි ආකාරයෙන් තිබිය යුතුය.
ඩුබායි ගුවන්තොටුපොල ලෝකයේ භාවිතා කරන නවීනතම ගමන්මලු පරීක්ෂා කිරීමේ පද්ධති භාවිතා කරනු ලබන බව, ඩුබායි අන්තර්ජාතික පර්යන්තය මෙහෙයුම් උප සභාපති, අලි ඇන්ජයිසා ප්රකාශ කලේය.
අධික ලෙස බඩු පිරවු සහ අවිධිමත් හැඩවලින් යුත් ගමන්මලු පරීක්ෂා කිරීමේදි අදාල යන්ත්රයන් ඇණහිටිනවා, එවැනි දෙයක් සිදුවීමෙන් ගමන්මලු ගුවන් යානාවන්ට බෙදාහැරීමේදි ප්රමාදයන් සිදුවෙනවා. එවැනි තත්වයෙන් තුලින් අපහසුතාවයට පත්වන්නේ අපේම ගුවන් මගීන්මයි, නව නීතිය පැනවීම තුලින් ප්රමාදයන් අවමකිරීම සදහා පියවර ගන්නා බව උප සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කලේය.
ජානක ප්රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

