ඩුබායිහිදී ඉන්දීය දරුවකු වාහනයක හැපී මියයයි

වයස අවුරුදු 10ක ඉන්දීය පිරිමි දරුවකු වාහනයකින් යටකර ගෙන යෑම නිසා ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් ඩුබායි මර්ෂාඩ් වෙලදපොලේ අංක 10 දරන මාවතේදි වාර්තාවී ඇත.
දරුවා ඔහුගේ බයිසිකලයෙන් පාර හරහා අනිත් පැත්තට යෑමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදි මෙම වාහනය ඔහුව යටකරගෙන ගොස් ඇත.
පසුව රියදුරා විසින් යටවු දරුවා බේරාගැනීමට නැවත එම වාහනය පසුපසට ගනිද්දී නැවත සැරයක් එම වාහනයට දරුවා යටවී ඇත.
මෙම වාහනය ධාවනය කල ඉන්දීය ජාතිකයා මෙම අනතුර සිදුවෙනවාත් සමගම බයවී ඇති අතර එම අවස්ථාවේ ඇතිවු ව්‍යාකුලත්වය නිසා ඔහු නැවතත් වහනය පිටුපසට ධාවනය කිරීමට හේතුවී ඇති බව ඩුබායි පොලිස් රථවාහන අංශයේ අධ්‍යක්ෂක, බ්රි ගේඩියර් සයිෆ් මුහයිර් මස්රුයි නිවේදකය කලේය.
මෙම අනතුර සිදුවූ විගසම දරුවාගේ ජිවිතය බේරාගැනීම සදහා රෂීඩ් රෝහල වෙත රුගෙන ගියද සිදුවී ඇති දරුණු තුවාල හේතුවෙන් ඔහුගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් අපොහොසත් විය.
මෙම මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් සහ අසල්වාසීන් සොවින් වැලපෙන්නේය.
මෙම පිරිමි දරුවා පවුලේ බාලයා වන අතර ඔහුට සහෝදර සහෝදර්යන් 4දෙනෙක් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බව රථවාහන අංශයේ අඅධ්යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසිරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

