ඩුප්ලිකේට් හිට්ලර් අල්ලයි



නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් ගේ රුවට බෙහෙවින් සමාන පුද්ගලයෙකු ඕස්ට්‍රියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

නාසි යුගය වර්ණනා කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති 25 හැවිරිදි මෙම පුද්ගලයා තමන්ව හඳුන්වාගන්නේ හැරල්ඩ් හිටලර් ලෙස බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඕස්ට්‍රියාවේ නීති අනුව නාසි යුගය වර්ණනා කිරීම අපරාධයක් ලෙස සැලකෙන අතර ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
මොහු, හිට්ලර් උපන් ගොඩනැගිල්ලට ආසන්නව තම ඡායාරූපයද ගෙන ඇති බවත්, ඔහු වියානා හා ග්‍රාස් නගර වලද සංචාරය කර ඇති බවත් වාර්තා වේ

මොහු මෙලෙස හැසිරෙන්නේ විහිළුවක් ලෙස හෝ ප්‍රාසාංගික කලා නිර්මාණයක් සිදුකිරීමේ අරමුණකින් නොවන බව එරට පොලිසිය විසින් සනාථ කර තිබේ.
 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි......

 


 


RECOMMEND POSTS