ඩයනා කුමරියගේ වෙනුවෙන් පිළිරුවක්



ඩයනා කුමරියගේ 20 වැනි සංවත්සරය නිමිත්තෙන් ඇගේ පිළිරුවක් ඉදිකිරීමට සැලැසුම් කර ඇතැයි ඇගේ පුතුන් දෙදෙනා වන විලියම් සහ හැරී කුමරු පවසති.

පිළිරුව ඉදි කෙරෙන්නේ කලක් ඩයනා කුමරියාගේ නිවහන වුණු කෙන්සින්ටන් මාලිගයේ ඇති උද්‍යානයේය. අදවනවිට විලියම් කුමරු, කේට් මිඞ්ලිටන් කුමරිය සහ පවුලේ සෙසු සාමාජිකයන් වාසය කරන්නේ මෙම කෙන්සින්ටන් මාලිගයේය.

ඩයනා ස්පෙන්සර් කුමරිය චාල්ස් කුමරුගේ පළමු බිරිය වූවාය. ඇය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා ප්‍රංශයේ පැරිස් නුවරදී සිදුවුණු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූවාහ. ඒ වනවිට විලියම් කුමරු 15 හැවිරිදි වියෙහි පසුවුණු අතර හැරී කුමරු 12 හැවිරිදි විය.

 

(රොයිටර්)


RECOMMEND POSTS