ට‍්‍රම්ප්-මෙලානියා ලන්ඩනයේ



මහා බි‍්‍රතාන්‍යයේ තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ බිරිඳ මෙලානියා එංගලන්තයේ ලන්ඩන් අගනුවරට පැමිණියහ.

ට‍්‍රම්ප් යුවල ඇතුළු විශේෂ නියෝජිත කණ්ඩායම රැගත් එයාර් ෆෝස් 1 නිල ගුවන් යානය ලන්ඩනයේ ස්ටැන්ෆර්ඞ් ගුවන්තොටුපොළ බලා පැමිණියේ, විශේෂ ආරක්ෂාක් මැදය. ඒ, ජනපති ට‍්‍රම්ප්ගේ සංචාරයට එරෙහිව ලන්ඩන් නුවර ඇතුළු පළාත් රැසක විරෝධතා පැවැත්වීම හේතුවෙනි. මැන්චෙස්ටර්, බෙල්ෆාස්ට්, බර්මින්හැම් සහ නාටින්හැම් පළාත්වල ද විරෝධතා රැලි පැවැත්විණි.

ජනාධිපති ට‍්‍රම්ප්ට එරෙහිව බි‍්‍රතාන්‍ය වැසියන් විරෝධතා දක්වන්නේ, ට‍්‍රම්ප්ගේ සංක‍්‍රමණික විරෝධී ප‍්‍රතිපත්ති ඇතුළු ට‍්‍රම්ප්ගේ දේශපාලන මතවාද හේතුවෙනි.

මහා බි‍්‍රතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යයේ දේශපාලන අර්බුදයක් පවතී. ට‍්‍රම්ප් ලන්ඩනයට පැමිණියේ එම අර්බුදය පවතින අවස්ථාවකය. බ්‍රෙක්සිට් අර්බුදයට මුල්කොට ගනිමින් තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඉකුත් දා නිවේදනය කළේය.

තෙරේසා මේ බි‍්‍රතාන්‍ය අගමැති ධුරයේත් කොන්සවර්ටිව් පක්ෂ නායකත්වයේත් රැුඳී සිටින්නේ ලබන 5 වැනිදා තෙක් පමණි. ඒ වනවිට පාලක කොන්සවටිව් පක්ෂය පක්ෂයට නව නායකයකු පත් කර ගැනීමට නියමිත අතර එම පුද්ගලයාට බි‍්‍රතාන්‍ය අගමැති ධුරය හිමිවෙයි.

පාලක කොන්සවටිව් පක්ෂයේ නායකත්වයටත්, බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරයටත් බොරිස් ජොන්සන් සුදුසු බවත්, තමන්ගේ පූර්ණ සහාය ජොන්සන්ට හිමිවන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසා ඇතැයි බි‍්‍රතාන්‍යයේ ‘ද සන්’ පුවත්පත මීට දින කීපයකට පෙර වාර්තා කර තිබුණි.

ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS