ට‍්‍රම්ප් පැරිසියේ



මහා බි‍්‍රතාන්‍යයේ තෙදින නිල සංචාරය අවසන් කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ බිරිඳ මෙලිනියා ප‍්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණියහ.

ට‍්‍රම්ප් සහ ප‍්‍රංශ ජනපති මැක්රොන් අතරේ නිල හමුවක් පසුගිය නොවැම්බරයේදී පැවැත්විණි. මත ගැටුම් හේතුවෙන්, එම හමුව අවසන් වූයේ නොහොඳ නෝක්කඩුවලිනි. ඉන්පසු ට‍්‍රම්ප් සහ මැක්රොන් අතර හිතවත්කම් පළුදු වී තිබුණි.

කෙසේ නමුත් පෙරේදා ඒ සියල්ල වෙනස් වුණු අතර, පැරිසියට පැමිණි ජනපති ට‍්‍රම්ප් සහ මෙලානියා උණුසුම් අයුරින් පිළිගැනීමට ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් සහ ආර්යාව බි‍්‍රජෙත් ත්‍රොග්නෝව් කටයුතු කළ බවත් ප‍්‍රංශ පුවත් සේවා වාර්තා කළේය.

‘අපි අතරේ මත ගැටුම් තිබුණා. ඒ පරණ දේවල්. අපි ආයේ හමුවුණා. හිතවත්කම් අලූත් කර ගත්තා. දැන් සේරම හරි’ යැයි ජනපති ට‍්‍රම්ප් ඔහු සහ ප‍්‍රංශ ජනාධිපති මැක්රොන් අතර වර්ධනය වූ හිතවත්කම් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.

ජනපතිවරුන් දෙදෙනා එක් වී දිවා ආහාරය ගනිමින් දේශපාලන අර්බුද සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වූහ. එහිදී ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් අවධානයක් යොමු විය.

ට‍්‍රම්ප් ප‍්‍රංශයට පැමිණියේ, දෙවැනි ලෝක යුද්ධයේ ‘ඞී ඬේ’ දිනයේ සටනට 75 වසරක් සපිරීම නිමිත්තෙන්, ඊට සම්බන්ධ වුණු රණවිරුවන් සිහිපත් කරමින්, විශේෂ සැමැරුම් උත්සවයට සහභාගීවීමටය. සැමරුම් උත්සවය පැවැත්වුණේ ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප‍්‍රධානත්වයෙනි.

දෙවැනි ලෝක යුද සමයේදී, 1944 වසර වෙද්දී, නාසි හමුදා ප‍්‍රංශය යටත් කරගෙන සිටියේය. එම වසරේ ජූනි 6 වැනිදා, නාසි හමුදාවෙන් ප‍්‍රංශය මුදා ගැනීමට මිත‍්‍ර රටවල් එනම් ඇමෙරිකාව, මහා බි‍්‍රතාන්‍ය, කැනඩාව සහ නිදහස් ප‍්‍රංශ හමුදා එක් වී දැවැන්ත හමුදා මෙහෙයුමක් දියත් කළේය.

‘ඞී ඬේ’ යනුවෙන් හැඳින්වෙන්නේ මෙයයි. එදා කැනඩා, බි‍්‍රතාන්‍ය සහ ඇමෙරිකන් සොල්දාදුවන් 3,26,547 ක් උතුරුදිග ප‍්‍රංශයේ නොමැන්ඩි වෙරළට පැමිණ නාසි හමුදා සමඟ සටන් වැදුණි.

එම මහා සටනේදී මිත‍්‍ර හමුදාවේත් නාසි හමුදාවේත් 4,25,000 ක් ජීවිතක්ෂයට පත් වූහ. 75 වැනි ‘ඞී ඬේ’ සැමරුම නිමිත්තෙන් දෙවැනි එලිසබත් මහ රැුජිනගේ ප‍්‍රධානත්වයෙන් බි‍්‍රතාන්‍යයේ ද සැමැරුමක් පැවැත්විණි.

ඊට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ මෙලිනියා පමණක් නොව, ප‍්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බි‍්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේ, බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, විලියම් සහ කේට් යුවල, ගී‍්‍රක ජනාධිපති පැව්ලෝපොලස් සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් සහභාගී වූහ.

පැරිසියේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS