ට‍්‍රම්ප් ක‍්‍රයිස්ට්චර්ච් ප‍්‍රහාරය හෙලා දකී



නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර ඊයේ (15) සිදුවුණු වෙඩි තැබීම ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පිළිකුලෙන් හෙලා දැක ඇතැයි වාර්තා වේ.

එවැනි ත‍්‍රස්ත කි‍්‍රයා කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එවැනි දක්ෂිණාංශික දැඩිමතධාරී අදහස් දරණ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීම කළ යුතු බවත් ජනපති ට‍්‍රම්ප් පවසා ඇත.

ක‍්‍රයිස්ට්චර්ච් නුවර අල් නූර් මුස්ලිම් පල්ලියට කඩා වැදී වෙඩි තැබීම කළ 28 හැවිරිදි  ඕස්ටේ‍්‍රලියානුවා දැඩි මුස්ලිම් විරෝධියෙකි. සංක‍්‍රමණිකයන් ලෙස මුස්ලිම් වැසියන් බටහිර රටවලට පැමිණ එම රටවල් අල්ලා ගන්නවා යැයි පවසමින්, තමා මුස්ලිම්වරුන් ඝාතනය කරන හේතුව පැහැදිලි කරමින් ඔහු ප‍්‍රකාශනයක් සකස් කර එය ට්විටර් ගිණුම ඔස්සේ ප‍්‍රසිද්ධ කර ඇත.
එම ප‍්‍රකාශනයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද පැසැසුමට ලක් කර ඇත. ඒ, සංක‍්‍රමණිකයන් සම්බන්ධයෙන් ට‍්‍රම්ප් දැඩි පිළිවෙත් අනුගමනය කරන බැවිනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS