ටෙයෝටා මොටර් රථ 39,294ක් ආපසු ගෙන්වලා



එමිරේට්ස් හි ටොයෝටා ප්‍රධාන අලවි නියෝජිත අල්-ෆුටයිම් මෝටර් සමාගම විකිණන ලද ටෙයෝටා වාහන 39,294ක් නැවත කැදවීමට සිදුවී ඇති අතර එයට හේතුව වී ඇත්තේ ටොයෝටා වාහන වල සවිකර ඇති airbag inflator හි ඇතිවී තිබෙන දෝෂ සහිත තත්ත්වයකි.

එම්රේට්ස් වලින් ආපසු කැදවීමට නියමිතව ඇති වාහන වර්ගයන් වන්නේ Corolla MY 2010 to 2013,  Yaris MY 2012 සහ Alphard MY 2011 and 2013 වේ.  

පවතින දෝෂ සහිත තත්වය හේතුවෙන් ටෙයෝටා සමාගමෙන් අපනයනය කරන ලද වාහන ලෝකයේ විවිධ රටවල විශාල වශයෙන් ඇති අතර එම වාහන නැවත කැදවීමට ටොයෝටා සමාගමට සිදුවී ඇත. ඒ අනුව ජපානයෙන් වාහන 750,000ක්ද, චීනයෙන් 650,000ක්ද, යුරෝපා රටවලින් 650,000ක්ද අනිකුත් රටවලින් මිලියන 1.16ක්ද කැදවීමට නියමිතව ඇති අතර විවිධ රටවලින් කැදවනු ලබන වාහන වර්ගයන් වන්නේ Auris, the Rav 4, the Corolla Axio, the Corolla Fielder and the Noah or Voxy.  
තම පරිභෝගිකයින්ට සෙනසුරාදා(අප්‍රේල්01) සිට බ්‍රහස්පතින්දා (අප්‍රේල්06) දක්ව පෙ.ව 8.00 සිට ප.ව 7.00දක්වා ටොයෝටා සමාගම හා සම්බන්ධ වීමෙන් (800-869 682) වැඩි විස්තර ලබාගත හැකි බව එම සමාගම පවසයි.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අරාබියන් බිස්නස් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS