ටෙක්සාස් ජනපදයේ වෙඩි තැබීම් මාලාවක්



වෙඩි ප්‍රහාරයට ලක්වී තුවාල ලැබූ අයකුට නගර වැසියන් පිහිට වෙමින් ...

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට අයත් ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් නගරවල සිදුවුණු වෙඩි තැබීම්වලින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 16 කි.

ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් නගරවල සිදුවුණු වෙඩි තැබීම්

වෙඩි තැබීම් කරනු ලැබුවේ සුදු ජාතික අන්තවාදී තරුණයක් කණ්ඩායමක් විසින් යැයි පොලිසිය පවසයි.

සැකකරුවන් සොයා සෝදිසි මෙහෙයුම්

එම පිරිස මෝටර් රථවලින් යමින් ඔඩෙස්සා සහ මිඞ්ලන්ඞ් නගරවල දකින දකින සැමට වෙඩි තබා ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.

පොලිසිය ආරක්ෂාව තහවුරු කරමින් ...

එසේ වෙඩි තැබීම් කරන්න වූ එක් මෝටර් රථයක් කොටු කර ගැනීමට ටෙක්සාස් ජනපද පොලිස් නිලධාරීන් සමත් වූ අතර, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීම්වලින් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්විය. වෙඩික්කරු සුදු ජාතික තරුණයකු බවත් ඔහු ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය වැඩි දුරටත් කියා සිටී.

වෙඩි තැබීම් කළ සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව ද පොලිසිය පවසයි. වෙඩි තැබීම්වලට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නැතැයි ද ඇමෙරිකන් පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෙඩික්කරුගේ පිකප් රියකට පොලිසිය වෙඩි තබා ඇති අයුරු

මීට සති 4 කට පෙර, ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් පුද්ගලයෝ 22 ක් ජීවිතක්ෂයට පත් වූහ. 24 ක් තුවාල ලැබූහ. එම වෙඩි තැබීම කළේ ටෙක්සාස්හි ජීවත් වන මෙක්සිකෝ සම්භවයක් සහිත ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමිනි. වෙඩි තැබීම කළේ සුදු අන්තවාදී අදහස් ඇති තරුණයෙකි.

ඔඩෙස්සා (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS