ටියුනීසියාවේ හිටපු ජනපති බෙන් අලීට 10 වසරක සිරදඬුවම්

ටියුනීසියානු අධිකරණයක් එරට හිටපු ඒකාධිපති ජනාධිපති සීන් එල් අබිදීන් බෙන් අලී සහ බිරියට 10 වසරක සිරදඬුවම් නියම කළ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
ජනතා විරෝධය හමුවේ ජනපති ධුරය අතහැර රටින් පලා ගිය බෙන් අලී සහ බිරිය ජීවත් වන්නේ සෞදි අරාබියේය. නඩු විභාගය පැවැත්වූයේ ඔවුන් දෙදෙනා නොමැතිවය.
මහා පරිමාණයේ දූෂණ වංචා රැසකට බෙන් අලී සහ බිරියට එල්ල වී තිබුණු අතර ඔවුන් ඒවාට වරදකරුවන්වුණු නිසා අධිකරණය එම දස වසරක සිර දඬුවම් නියම කෙරුණි.
(ප්‍රෙස්ටීවී)

