ටික්ටොක් තරුවට ප්‍රහාරයක්



බොලිවුඩ් ගීත ගායනා කරන ටැන්සානියානු 'ටික් ටික්ටොක්' තරුව කිලී පෝල් ට කිසියම් පිරිසක් පහර දී තුවාල කර ඇතැයි පැවැසෙයි.

ප්‍රහාරය සඳහා පස් දෙනකු පැමිණ ඇති බවත්, ඔවුන් කිලී පෝල්ට පහර දී පිහියකින් ඇන තුවාල කර ඇති බවත් වාර්තා වේ. ටැන්සානියාවේ කිලී පෝල්, ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ ද ජනප්‍රිය වී සිටී.

තමන්ට ප්‍රහාරයක් එල්ල වූ බවත්, තමන් බිමට ඇද දැමීමට යම් යම් පිරිස් කටයුතු කරන බවත්, දෙවියන්ගේ ආශිර්වාදය තමන්ට හිමි බවත් කිලී පෝල් සිට ඉන්ස්ටග්‍රෑම් පණිවුඩයෙන් පවසා තිබේ.

ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ කිලී පෝල් ට මැහුම් පහක් දැමීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇතැයි ද පැවැසෙයි.

ටික්ටොක් තරුවක් ලෙස බොලිවුඩ් ගී ගායනා කරමින්, ඉන්දීයානුවන්ගේ පැසැසුමට ලක් වුණු ටික්ටොක් ට ඉන්දීය රජයෙන් සම්මානයක් ද හිමිවී ඇත. කිලී පෝල් සමඟ ටික්ටොක් කරන තරුණිය ඔහුගේ සොහොයුරිය නීමා ය.

කීලී පෝල් සහ නීමාගේ ටික්ටොක් වීඩියෝ අතිශය ජනප්‍රිය වී ඇත. ඉන්දීය බොලිවුඩ් නළු නිළියන් පවා කීලී පෝල් සහ නීමා පැසැසුමට ලක් කරමින් අදහස් දක්වා තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS