ට්‍රම්ප් සූමෝ බලන්න යයි

සිවුදින නිල සංචාරකට ජපානයට පැමිණ සිටින ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූමෝ තරගයක් නැරැඹීමට ගියේය.
ට්‍රම්ප් මෙම සූමෝ මල්ලව පොර තරගය නැරැඹීමට යෑම කැපී පෙනෙන සිදුවීමක් විය. ‘මම හුඟක් සතුටු වුණා.
සූමෝ තරග බලන්න මම හරිම ආසාවෙන් හිටියේ.’ යැයි ජනපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැවැසීය.
සූමෝ තරගාවලියේ ජයග්රාහකයාට යෝධ කුසලානය පිරිනැමීම සිදුවූයේ ද ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙනි. ජනපති ට්‍රම්ප් රාත්තල් 60 ක් බර කුසලානය ඔසවා සූමෝ ශූරයාට පිරිනැමීම මාධ්‍යවේදීන්ගේ අවධානයට හේතුවක් විය.
(ඬේලිමේල්)

