ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නම් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කොලරාඩෝ ෆෙඩරල් අභියාචනා අධිකරණයේ විනිසුරු නීල් ගෝර්සච් නම් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස පත්වීමට නම් 49 හැවිරිදි නීල් ගෝර්සච්ට ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය යුතු වෙයි. මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළේ ඇන්ටෝනින් ස්කලියා ය. ඔහු පසුගිය දා එම ධුරයෙන් ඉවත් විය.
මේ වනවිට නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ඇමෙරිකාවේ නීතිපති දෙපාර්තමේන්තුව අතරේ ද ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ. වැඩ බලන නීතිපති සැලී යේට්ස් ධුරයෙන් නෙරපා දැමීමට ද ට්‍රම්ප් කටයුතු කර ඇත.
ඒ, ඇමෙරිකාවට මුස්ලිම් සංක්‍රමණිකයන් පැමිණීම වළක්වාලමින් මුස්ලිම් රටවල් හතකට තහංචි පනවමින් ට්‍රම්ප් ලබා දුන් විධායක නියෝගය ක්‍රියාත්මක කිරීමට පසුබටවීම සම්බන්ධයෙනි.යේට්ස් ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, වැඩ බලන නීතිපති ලෙස එම ධුරයට පත් කෙරුණේ වර්ජීනියාවේ නැගෙනහිර දිස්ත්‍රික්කයේ නීතිපති ලෙස කටයුතු කළ ඩානා බොනෙට් ය.
(රොයිටර්)

