ට්රම්ප් වෙනුවෙන් විශේෂ පිළිගැනීමක්
දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් වෙනුවෙන් සාම්ප්රසාදියක විශේෂ පිළිගැනීමේ උත්සවය ඊයේ (25) උදෑසන නවදිල්ලියේ, ඉන්දීය ජනපති මන්දිරය වන රාශ්ට්රපතිභවන් හිදී පැවැත්විණි.

ජනපති ට්රම්ප්, රාශ්ට්රපතිභවන් වෙත පැමිණියේ බිරිඳ මෙලානියා ද සමඟය. ට්රම්ප් පිළිගැනීමේ එම විශේෂ උත්සවය පැවැත්වූයේ ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද්ගේ ප්රධානත්වයෙනි. ජනපති කෝවින්ද්ගේ බිරිය සවීතා ද එම අවස්ථාවට එක් වූවාය. ඉන්දීය අගමැති නවේර්ද්ර මෝදි ද එම අවස්ථාවට පැමිණ සිටියේය.
(ඒ.එෆ්.පී.)

