ට්‍රම්ප් වියට්නාමයේ



චීන සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, ආසියානු පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුව හෙවත් ‘ඇපෙක්’ සමුළුවට සහභාගීවීමේ අරමුණින්, වියට්නාමය බලා පැමිණියේය.

මෙවර ඇපෙක් සමුළුව පැවැත්වෙන්නේ වියට්නාමයේ දා නැංග් නුවරය. ආසියානු පැසිෆික් කලාපීය රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතවරු රැසක් ඇපෙක් සමුළුවට සහභාගී වෙයි.

මෙය ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහභාගී වන පළමු ‘ඇපෙක්’ සමුළුව ද වෙයි. ඊට අමතරව නවසීලන්ත නව අගමැතිනිය ජැසින්ඩා ඇර්ඩර්න්, හොංකොං පාලිකාව කැරී ලෑම්, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන්ගේ ද සහභාගී වන පළමු ඇපෙක් සමුළුව බව ද පැවැසෙයි.

ඇපෙක් සමුළුව අමතමින් ට්‍රම්ප් අද සවස විශේෂ කතාවක් පැවැත්වීමට ද නියමිතය. එහිදී කලාපීය ආරක්ෂාව ගැනත් උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන ගැනත් අවධානය යොමු කරනු ඇතැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS