ට්‍රම්ප් යැවූ ආරාධනා පත්වල අකුරු වරද්දලා



ජනපති ධුරයට පත් වීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කොංග්‍රස් මණ්ඩලය ඇමැතීමට නියමිතව සිටියේය.

ඇමෙරිකන් ජනපතිවරයා කොංග්‍රස් මණ්ඩලය ඇමැතීම සම්ප්‍රදායයි. එය සිදුවන්නේ වොෂින්ටනයේ කැපිටල් හිල් ගොඩනැගිල්ලේය. සෙනෙට් මණ්ඩලය, නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන පාර්ලිමේන්තුව පමණක් නොව, ඇමෙරිකා ශ්‍රේෂ්ඨාධිකරණය ඇත්තේ ද මෙම කැපිටල් හිල් ගොඩනැගිල්ලේය.

ඇමෙරිකන් ජනපතිවරයා කොංග්‍රස් මණ්ඩලය ඇමැතීම හැඳින්වෙන්නේ ‘ස්ටේට් ඔෆ් යූනියන්’ යන නමිනි. ජනපති ඩොනල්ඞ් 115 වැනි කොංග්‍රස් මණ්ඩල ඇමැතීමේ දේශනය සම්බන්ධයෙන් ආරාධනා පත් මුද්‍රණය කර ඒවා සියලුම සෙනෙට් සහ කොංග්‍රස් සාමාජිකයන් වෙත යැවුණි.

එම ආරාධනාපත්වල ‘ස්ටේට් ඔෆ් යූනියන්’ යන වදනේ ‘යූනියන්’ යන්න වෙනුවට මුද්‍රණය වී ඇත්තේ ‘යූනියොම්’ කියාය. ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයටත් අකුරු වරදිනවා යැයි පවසමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ද ට්‍රම්ප්ට චෝදනා එල්ල වී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS