ට්‍රම්ප්-මෙලානියා පුතු බැරන්ට කොරෝනා

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බිරිද මෙලානියාගේ පුතු 14 හැවිරිදි බැරොන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතයකු ලෙස හදුනාගෙන තිබේ.
බැරන් කොවිඩ් ආසාදිතයකු බව මාධ්‍ය හමුවේ අනාවරණය කළේ මව මෙලානියාය. ඒ, විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිණි. බැරන් හොද සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව මෙලානියා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.
කොරෝනා ආසාදිතයකු බව තහවුරු වුවත්, බැරන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බව ධවල මන්දිර වෛද්‍යවරුන් පවසා ඇත. ඇමෙරිකන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ද කොවිඩ් 19 ආසාදිතයන් ලෙස හදුනා ගැණින. ඒ, පසුගිය 2 වැනිදාය.
දින 10 ක් වැනි කෙටි කාලයකදී ට්‍රම්ප් වයිරසය පරාජය කළේය. ඒ, ඔහුට ලබා දුන්, පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ හේතුවෙන් යැයි පැවැසෙයි.
තව දුරටත් කොරෝනා ආසාදිතයකු නොවන ජනපති ට්‍රම්ප් එලැබෙන ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ජන රැලිවලට සහභාගී වෙමින්, සිය ආධාරකරුවන් අතරට යන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ලබන 3 වැනිදාය. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොරෝනා වයිරසය හදුන්වා දී ඇත්තේ වෙස්වලාගෙන ආ ආශිර්වාදයක් ලෙසිනි.
මේ වනවිට මෙලානියා ට්‍රම්ප්ගේ ද තත්ත්වය යහපත් බව පැවැසෙයි. කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු මෙලානියා ධවල මන්දිරයේ නිරෝධායනයට ලක් වූවාය. ඒ, වෛද්‍ය අධීක්ෂණය යටතේය. තමන් ජනපති ආර්යාව ලෙස තමන්ට පැවැරුණු රාජකාරි නිසි ලෙස ඉටු කරන බව ද මෙලානියා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා තිබේ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

