ට්‍රම්ප්-පුටින් හමුවට සියල්ල සූදානම්



එලැඹෙන 16 වැනිදා, ෆින්ලන්යේ හෙල්සින්ක් නුවර කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිත, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවට සියලු කටයුතු සූදානම් බව ඇමෙරිකාවත් රුසියාවත් පවසා ඇත.

මෙහිදී දෙරටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින ගැටලු රැසක් පමණක් නොව, යුක්රේන සහ සිරියානු අර්බුද සම්බන්ධයෙන් පවතින ගැටලු සම්බන්ධයෙන් ද රුසියා ජනපති පුටින් හමුවී, සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

ජනපති ට්‍රම්ප් සම්බන්ධයෙන් විශ්වාසය තැබිය හැකි බවත්, සාකච්ඡා පවත්වා ඇමෙරිකා රුසියා නව මිත්‍රත්වයක් ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත් තමා බලාපොරොත්තු වන බව රුසියානු ජනාධිපති පුටින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS