ට්‍රම්ප් ඩාවෝස් එයි



විරෝධතා මැද ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සහභාගී වෙයි. ඇමෙරිකන් ජනපතිවරයා සමුළුව අමතමින් විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ජගත් ආර්ථික සම්මේලනයට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද සහභාගීවීමට නියමිත අතර, ස්විට්සර්ලන්ත වැසියන්ගෙන් ඊට විරෝධයක් එල්ල වී ඇත.

‘ධනපතිවාදී ආකල්ප දරණ ට්‍රම්ප් එපා’ යැයි කියමින් ඩාවෝස් නුවර කලහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් මර්දනයට කැරැලි මර්දන පොලිසිය යොදවා ඇති බව ස්විට්සර්ලන්ත රජය කියයි.

පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර පිරිස වෙත එල්ල කරන බව ද පැවැසෙයි. ඩාවෝස් සමුළුවේ ආරක්ෂාව වෙනුවෙන් දහසකට වැඩි ආරක්ෂක බලඇණියක් යොදවා ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ට්‍රම්ප් ස්විට්සර්ලන්තයට පැමිණීම වළක්වන්නැයි ස්විට්සර්ලන්ත රජයෙන් ඉල්ලමින් 17,000කට වැඩි පිරිසක් පෙත්සමකට ද අතසන් තබා තිබුණ ද එම ප්‍රයන්තය අසාර්ථක වූ බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS