ට්‍රම්ප් චීනයේ



දකුණු කොරියා සංචාරය අවසන් කිරීමෙන් පසු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ ජනපති ආර්යා මෙලානියා අද දහවල් චීනයේ බීජීං අගනුවර බලා පැමිණියහ.

ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා පිළිගැනීමට, චීන ජනාධිපති ෂී ජින් පින් ඉතා ගාම්භීර පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.

ජනාධිපති ට්‍රම්ප් චීනයට පැමිණියේ සිය පළමු ආසියානු සංචාරය අතරතුරේදීය. චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී, උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්චා පැවැත්වීමට ට්‍රම්ප් සූදානමින් සිටී.

(රොයිටර්)


RECOMMEND POSTS