ට්‍රම්ප් ගේ තීරණයෙන් ලාංකිකයන්ටත් බලපෑම්



සංක්‍රමණිකයින් සඳහා වීසා තහනමක් පැනවීමට ඇමෙරිකා නව ජනාධිපති ගත් තීරණය නිසා ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 20 ක පුද්ගලයින් 71 දෙනෙක් මේවන විට දී ඇමෙරිකාවේ  නිව්යෝක් හි ජෝන් කෙනඩි අන්තර් ජාතික ගුවන් තොටුපලේ දී රඳවා තබා ගත් බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කියා සිටී.

එලෙස රඳවා තබා ගත් රටවල් 20 අතරින් බොහෝමයක් ඇමෙරිකාව විසින් තහනමට ලක් කරන ලද රටවල් ලෙස හඳුනා ගෙන තිබේ.  

නෝ බෑන් ජේ.එෆ්.කේ නැමති ස්වෙච්ඡා නීතිඥවරුන්ගේ සංවිධානයට අනුව එලෙස රඳවා ගත් පිරිස අතර තුර්කි, ශ‍්‍රී ලාංකීක, චීන, ප‍්‍රංශ, පාකිස්ථාන, ඇල්ජීරියානු, කටාර්, සෙනගල්්, ඊජිප්තු හා ගිනි යන ජාතිකයින් සිටින බව වාර්තා කර ඇත. 

කෙසේ වෙතත් මෙලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ඉරානය, ඉරාකය, සිරියාව, සුඩානය, ලිබියාව, යේමනය හා සෝමාලියාව යන රටවල් ඔවුන් තහනමට ලක් කළ රටවල් ඇති බව වාර්තා වෙයි.  

(තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS