ට්‍රම්ප් කොරෝනා එන්නතක් මිලදී ගන්න හදලා

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි එන්නතක් නිපදවීමට ජර්මන් ඖෂධ පර්යේෂණ සමාගමක් පියවර ගෙන ඇති අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ එම එන්නත සාර්ථක වුවහොත් ඇමෙරිකාව එය මිලදී ගැනීමට සූදානම් බවත් ඇමෙරිකන් අයිතිය යටතේ එන්නත ලොවට විකිණීමට කටයුතු කරන බවත්ය.
වයිරසයට එරෙහිව එන්නත නිපදවීමේ කටයුතු ලොව ඖෂධ නිෂ්පාදන සමාගම් රැසක් ආරම්භ කර ඇති අතර, ජර්මනියේ ‘කියෝ වැක්’ පෞද්ගලික සමාගම ඒ අතරින් ඉදිරියෙන් සිටී.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙම නව එන්නත සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ‘කියෝවැක්’ සමාගම සමඟ සාකච්ඡා කර ඇති අතර එන්නතේ අයිතිය වෙනුවෙන් විශාල මුදලක් ලබා දීමට ද එකඟවී ඇතැයි පැවැසෙයි.
මේ බව මාධ්‍ය හරහා අනාවරණය වීමත් සමඟ ජර්මන් රජයේ අවධානය ඊට යොමු වී ඇත. ජර්මන් චාන්සල්වරිය සහ කියෝවැක් ප්‍රධානීන් අතර ද හමුවක් පැවැත්වුණු බව වාර්තා විය. ජර්මන් විදේශ කටුයතු අමාත්‍ය හෙයිකෝ මෑස් අද (16) මාධය හමුවේ කියා සිටියේ, ජර්මන් ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවන එන්නත් කිසිවක් ඇමෙරිකාවට හෝ වෙනත් කිසිදු රටකට හෝ විකිණීමට අදහස් නොකරන බවය.
වයිරසය ගෝලීය වසංගත තත්ත්වයක් වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිපදවන එන්නතක් ඇති නම්, එය සැමට නොමිලේ ලබා දීම කළ යුතු බවත් ජර්මන් විදේශ කටයුතු අමාත්‍යවරයා එාධ්ය හමුවේ අවධාරණය කළේය. කිසිදු ලෝක බලවතකුට එන්නත යොදා ගනිමින් තම තමන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වීමට ඉඩක් නොදෙන බව ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ද පවසා තිබේ.
බර්ලීනයේදීය (රොයිටර්)

