ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තහනම්



බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමැතීමට ඇමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඉඩ ලබා නොදෙන බව බිපාර්ලිමේන්තු කථානායක ජොන් බරෝව්ස් පවසයි.

වර්ගවාදය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීන්දු තීරණ සම්බන්ධයෙන් තමා දැඩි විරෝධය පළ කරන හෙයින් ට්‍රම්ප්ට පාර්ලිමේන්තුව ඇමැතීමට ඉඩ ලබා නොදෙන බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කථානායක ජොන් බරෝව්ස් කියා සිටී.

බි්‍රතාන්‍යයට පැමිණෙන්නැයි ට්‍රම්ප්ට ඇරැයුම් කළේ බි්‍රතාන්‍ය අගමැතිනී තෙරේසා මේය. ඒ, ඇය මීට සති කිහිපයකට පෙර ඇමෙරිකාවේ සංචාරයකට ගොස් ධවල මන්දිරයේදී ජනපති ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.

 

(රොයිටර්)


RECOMMEND POSTS