ට්‍රම්ප්ට දැන් කොරෝනා නෑ

ධවල මන්දිර වෛද්‍ය ෂෝන් කොන්ලි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් කොරෝනා ආසාදිතයකු නොවන බවය.
ට්‍රම්ප්ගෙන් කොරෝනා වයිරස රෝග ලක්ෂණ කිසිවක් පෙන්නුම් නොකරන බවත්, දැන් ඔහු වයිරස ආසාදිතයකු නොවන බව සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වුණු බවත් වෛද්‍ය කොන්ලි පැහැදිලි කර තිබේ.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ගේ වේගවත් සුවවීමට හේතුව ඔහුට ලබා දුන් රීජෙනෙරොන් ඖෂධය යැයි වෛද්‍යවරයා පවසා ඇත. ‘රීජෙනෙරොන්’ යනු ඇමෙරිකා ‘රීජෙනෙරොන්’ ඖෂධ නිෂ්පාදන සමාගම විසින් කොරෝනා වයිරසයට එරෙහිව නිපදවමින් පවතින, සායනික අත්හදා බැලීම් අවසන් නොකළ පර්යේෂණ මට්ටමේ ඔසුවකි.
දැනට නිර්මාණය වෙමින් පවතින කොරෝනා එන්නත්වලට වඩා මෙය වෙනස් වෙයි. කොරෝනා ආසාදනය වීම වැළැක්වීමට පමණක් නොව, කොරෝනා ආසාදිතයන් කඩිනමින් සුවපත් කිරීම ‘රීජෙනෙරොන්’ ඖෂධයේ අරමුණය. ‘රීජෙනෙරොන්’ ලබා දීම කළ යුතු වන්නේ එක් වරක් පමණක් බව ද පැවැසෙයි. තවමත් අත්හදා බැලීම් සිදුවන බැවින් මෙම ඖෂධය ගැන දන්නේ කිහිප දෙනකු පමණි. ට්‍රම්ප් ඒ ගැන පැවැසීමත් සමඟ ඇමෙරිකානුවන් බොහෝ දෙනකුගේ අවධානය ඊට යොමු වී අවසන්ය.
(රොයිටර්)

