ට්‍රම්ප්ට අකරතැබ්බ ගොඩයි

ජගත් සමුළුව ආමන්ත්‍රණය කිරීමට ආ ට්‍රම්ප්ට අකරතැබ්බ කීපයකට ද මුහුණ පෑමට සිදුවිය.
පළමුවෙන් ට්‍රම්ප්ට මුහුණ දීමට සිදුවුණු පළමු අකරතැබ්බය, ඔහු මූලස්ථාන ගොඩනැගිල්ලට පැමිණෙද්දී එහි ‘දුවන පඩිපෙළ’ අක්‍රිය වී තිබීමය. ට්‍රම්ප් සමඟ බිරිඳ මෙලානියා ද ජගත් මූලස්ථාන ගොඩනැගිල්ලට පැමිණ සිටියාය. විදුලි පඩිපෙළ අක්‍රිය වීම හේතුවෙන්, ට්‍රම්ප් සහ මෙලානියා එහි පඩි නැග ඉහළ මහල බලා ගියහ.
ට්‍රම්ප් සිය කතාව පැවැත්වීමට සූදානම් වෙද්දී, කතාව ට්‍රම්ප්ට පෙනෙන්න සැලැස්වූ ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍ර ද නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැත. ට්‍රම්ප් නොසන්සුන් කිරීමට මෙය හේතුවක් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේ ඇති දුවන පඩිපෙළත්, ටෙලිප්‍රොම්ප්ටර් යන්ත්‍රත් ඉතා දුර්වල තත්වයක පවතින බව ට්‍රම්ප් සිය දේශනය ආරම්භ කරමින් පැවැසීය. ‘මම එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට එද්දී, දුවන පඩිපෙළ අක්‍රිය වෙලා. මටත් මෙලානියාටත් පඩි නගින්න සිද්ධ වුණා. ඇයත් මමත් හොඳ නිරෝගීව ඉන්නවා. ඒ නිසා අපට ගැටලුවක් වුණේ නැහැ’ යැයි ට්‍රම්ප් සිය කතාව ආරම්භ කළේය.
ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ සංවිධානය විවේචනය කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සේම, එහි උපකරණ ද වැඩකට ගත නොහැකි බව පවසමිනි. ඊශ්‍රායල පලස්තීන අර්බුදයට අමතරව, අනවසර සංක්‍රමණිකයන් බටහිර යුරෝපා රටවලට පැමිණීම එම රටවල ස්වෛරීත්වයට මෙන්ම අනන්‍යතාවට බරපතල තර්ජනයක් බව ට්‍රම්ප් පෙන්වා දුන්නේය.
විශේෂයෙන් මුස්ලිම් සංක්‍රමණිකයන්ගේ පැමිණීම ට්‍රම්ප් හෙලා දුටුවේය. රුසියන් යුත්රේන යුද්ධය අවසන් නොවීම සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් ට්‍රම්ප් පැහැදිලි කළේය.

