ට්‍රම්ප්ගේ යෝජනාවට විරෝධයක්



ඇමෙරිකාවේ ජන සංගණනයක් ලබන 2020 වසරේ දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ජනපති ට්‍රම්ප් යෝජනා කළේ ජන සංගනනය සඳහා ලබා දෙන පත්‍රිකාවට ‘ඔබ ඇමෙරිකන් පුරවැසියකුද ?’ යන ප්‍රශ්නය ඇතුළත් කළ යුතුයි කියාය. 1950 සිට මේ දක්වා ඇමෙරිකාවේ සිදුකළ කිසිදු ජන සංගණනයකදී මෙම ප්‍රශ්නය අසා නොමැත.

ඇමෙරිකා ජනපතිවරයා මෙම ප්‍රශ්නය, ජන සංගණන පත්‍රිකාවට ඇතුළත් කිරීමට සූදානම් වන්නේ, ඇමෙරිකාවේ සංක්‍රමණිකයන්ට එරෙහිව ඔවුන් පැහැදිලිව හඳුනා ගැනීම සඳහාය. ට්‍රම්ප් කළ මෙම යෝජනාව අධිකරණයෙන් ද විරෝධයක් එල්ල යී ඇති බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ජනපති ට්‍රම්ප් සංක්‍රමණිකයන්ට එරෙහිව දළදඩු ප්‍රතිපත්ති අනුගමනය කරයි. අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් පියවර ගෙන ඇත. අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන් යළි ඔවුන්ගේ රටවලට පිටුවහල් කිරීමේ මෙහෙයුමකට ද ට්‍රම්ප් අවසර ලබා දී ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS