ට්‍රම්ප්ගේ ප්‍රකාශයට උරණ වෙලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, මිත්‍ර යුරෝපා රටවල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හෙළා දකිමින්, සිය ධුරයෙන් ඉවත් වීමට ඉස්තෝනියාවේ ඇමෙරිකන් තානාපති ජේම්ස් ඩී. මෙල්විල් කටයුතු කර ඇත.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝව අක්‍රිය වූ සංවිධානයක් බවත්, ඇමෙරිකාව ඊට සම්බන්ධ වී මූල්‍ය අනුග්‍රහය ලබාදීම පලක් නැති ක්‍රියාවලියක් බවත් ට්‍රම්ප් පුනපුනා පවසා ඇත.

ජේම්ස් ඩී. මෙල්විල් සිය ධුරයෙන් සමුගැනීමට හේතුවක් වී ඇත්තේ මෙම ප්‍රකාශයයි. ඉස්තෝනියාව යුරෝපා රාජ්‍යයකි. නේටෝවලට සම්බන්ධ බොහොමයක් රටවල් යුරෝපා රටවල් වෙයි.

(බී.බී.සී.)


RECOMMEND POSTS