ට්‍රම්ප්ගේ තාප්පය ඉදිකරන්න අවසර



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීමට සැලැසුම් කළ ප්‍රාකාරය සඳහා අවශ්‍ය වන ඇමෙරිකන් ඩොලර් බිලියන 2.5 ක මුදල, ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයේ අරමුදල්වලින් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇත.

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ ප්‍රාකාරයක් හෝ යකඩ වැටක් හෝ ඉදිකර ඇමෙරිකාවට දේශසීමා හරහා අනවසරයෙන් පැමිණෙන සංක්‍රමණිකයන් වැළැක්වීමට පියවර ගැනීම ට්‍රම්ප්ගේ 2016 ඡන්ද පොරොන්දුවකි.

දේශසීමා ප්‍රාකාරය ඉදිරිකිරීම සම්බන්ධයෙන් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙයි.
අවස්ථා ගණනාවකදී මෙම ප්‍රාකාරය ඉදිරිකීරමට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය උත්සහ කළ ද ෆෙඩරල් විනිසුරුවරුන් කීප දෙනෙක් ඊට එරෙහි වූහ.

ඇමෙරිකා දේශසීමාව ආරක්ෂා කිරීම සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ප්‍රසංශනීය බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් පවසා තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS