ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම අතුරුදන්වෙලා



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම හිටිහැටියේ අක්‍රිය වී, අතුරුදන් වුණු බවත්, මිනිත්තු 11 කට පසු එය යළි යථා තත්ත්වයට පත් වුණු බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ට්විටර් යනු සමාජ ජාල ගිණුමකි. ට්‍රම්ප් සිය අදහස් නිදහසේ පළ කරන්නේ මෙම ගිණුම හරහාය. ට්‍රම්ප් පමණක් නොව, ලෝක නායකයෝ රැසක් ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍ය ලෙස ට්විටර් ගිණුම් පාවිච්චි කරති.

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පරිශීලනය කරන පිරිස මිලියන 41.7 ට වැඩි යැයි පැවැසෙයි.

ගිණුම හදිසියේ අක්‍රිය වුණේ ඇයැදැයි යන්න සෙවීමට විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව ද පැවැසෙයි. තම ගිණුම අක්‍රිය වූයේ ඇයිදැයි යන්න ඩොනල්ඞ් ට්‍රම්ප් පවා දැන නොසිටි බව ධවල මන්දිරය පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS