ට්‍රම්ප්ගේ අඳුරු යුගය අවසන් කරනවා

ඇමෙරිකන් ජනාධිපතිවරණය නිමිත්තෙන් පැවැති ප්‍රතිවාදී ඩිමොක්රටික් පක්ෂ මහ සමුළුව අමතමින්, ජනපති ධුර අපේක්ෂක ජෝ බයිඩන් කියා සිටියේ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ‘අඳුරු යුගය’ අවසන් කරන බවය.
නොවැම්බර් තුන් වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණය සඳහා ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා සහ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නිල වශයෙන් ජෝ බයිඩන් පිළිගැනීම සිදුවූයේ මෙම ඩිමොක්රටික් පක්ෂ මහ සමුළුවේදීය. කොරෝනා වසංගත මධ්‍යයේ පක්ෂ මහ සමුළුව පැවැත්වූයේ විස්කොන්සින් හි මිලැවෝකී නුවරදීය.
‘කොවිඞ් 19’ හෙවත් කොරෝනා වයිරසය ඇමෙරිකාවේ ඔඩුදුවා ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයේ දුර්වලතා නිසා බවත්, එයින් ඇමෙරිකන් ආර්ථිකය කඩා වැටුණු බවත්, විරැකියාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් බයිඩන් පෙන්වා දුන්නේය.
තමන් බලයට පත්වුවහොත්, කොරෝනා වයිරසය තුරන් කිරීමේ වැඩසටහනක් අරඹා ඊට ප්‍රමුඛත්වය දෙන බව ජෝ බයිඩන් අවධාරණය කළේය. වයිරස ව්‍යාප්තිය වළක්වා ගැනීමට මුහුණු ආවරණ අනිවාර්ය කරන බව ද බයිඩන් යළි අවධාරණය කළේය.
සමුළුව අමතමින් කළ කතාව, ඇමෙරිකන් රූපවාහිනී නාළිකාවලින් සජීවීව විකාශය කෙරුණි. එහිදී ට්‍රම්ප් විවේචනය කිරීම හැර, සිය ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීමට ජෝ බයිඩන් කටයුතු නොකළ බව ද පැවැසෙයි. මේ අතර තමන්ට එරෙහිව එල්ල වන විවේචන සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙරළා බයිඩන් විවේචනය කර තිබේ.
වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)

