ට්රම්ප්ගෙන් චීන ජනාධිපතිට ලියුමක්

හොඳ හිත වර්ධනය කර ගැනීමේ අරමුණින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් චීන ජනාධිපති ෂී ජිංපින්ට ලිපියක් යවා ඇතැයි වාර්තා වේ.
එම ලිපිය හරහා ට්රම්ප් පවසා ඇත්තේ චීනය සමඟ මිතුදම් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවය.
ඇමෙරිකාවටත් චීනයටත් සමාන ලෙස වාසි වන අයුරින් දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවය.
ඇමෙරිකාවේ ජනපති ධුරයට තේරුණු අවස්ථාවේදී චීනය ඇමෙරිකාවේ රැකියා උදුරා ගන්නවා යැයි චෝදනා කළ ට්රම්ප් චීනයේ එදිරිවාදියකු වන තායිවානය සමඟ නිල සබඳතා ඇති කර ගැනීමට කටයුතු කළේය.
(රොයිටර්)

